4/27/2010

පරිවර්ථන මැරතනය ආරම්භ වේ...........

ඔන්න අපි පරිවර්ථන මැරතන් එක දුවන්නයි යන්නෙ. හැබැයි වතුර ගහනවා කියලා පොරොන්දුවෙච්ච කට්ටියනම් ඇවිල්ලා නෑ වගේ තාම. බලමු අඩු තරමේ පැය 4ක් වත් එකදිගට දුවන්න. ඔන්න නොනිදා ඉන්න අය එහෙම ඉන්නවනම් එන්න වතුර පාරක් ගහන්න. හැකි අය http://hanthana.org/irc.php ඇවිල්ලා අපිට සහයෝගයක් දෙන්න. හප්පේ හා හා පුරා කියලා හෙන දිග එකක් තමයි මුලින්ම හම්බුනේ. ...

4/25/2010

කට්ට කාලා දාපු සිංහල උපසිරසි වැඩේ ඉවරයි

හප්පේ හොඳ කට්ටක් කාලා දාපු My Name is Khan සිංහල උපසිරසි වැඩේ ඉවරයි. බාගන්න ඕනෙ ලමයි ඉන්නවනම් මෙන්න මෙතන කොටලා යන්න. http://www.baiscopelk.com/?p=2804
දැන් ඉතින් මගේ බ්ලොග් එකේ ලිපි ටිකක් නිවී සැනසිල්ලෙ දාන්න පුලුවන්.

4/24/2010

ස්තූතියි ! . මම යනවා දොයියන්න

ඔන්න කට්ටිය තරහා වෙන්න එපා. ලංකාවට හෙට නිවාඩු උනාට, අපිඉතින් ට හෙටත් වැඩනෙ. මේ වෙලාවටවත් නිදා ගත්තෙ නැත්තන් හෙට ඔෆිස් එකේ නිදා ගන්න තමයි වෙන්නෙ. ඒකත් හැබැයි නරකම නෑ. ඒත් මේ දවස්වල ඔෆිස් එකේ තත්වෙ එච්චර හොඳ නෑ. CID එකෙන් .  ඉතින් මම දොයියන්න යනවා. දුවන අය දිගටම රන් එක දාන්න. කට්ටීයටම සුබපතනවා. ඒ වගේම හැම දෙනාටම සුභ රාත්‍රියක්. 
byeeeeeee. good nyt

ඒ කාලෙ කෙල්ලෙක් පස්සෙ ගිහිල්ල අපිට වෙච්ච වැඩක්. 2 කොටස

ඉතින් මිනිහා ටිකක් ලැජ්ජාකාරයා නිසා ලඟට්ටම ගිහිල්ල සීට් එකේ ඉඳගෙන ඉන්න අර කෙල්ලගෙන් " මේ ඔයාගෙ අද ක්ලාස් එකේ පොත දෙනවද , අපි අද ක්ලාස් එන්න පොඩ්ඩක් පරක්කු උනා " කියලා කියුවා. ඔන්න මේ මනුස්සයා පොතත් නැතුව අපි ලඟට ආවා. හැබැයි බස් එකෙන් බහිනකල්ම මිනිහා නෝ-කතා, නෝ-සිනා, අපිත් ඉතින් අහන්න ගියෙ නෑ. එදායින් පස්සෙ මූ ඒ කෙල්ලගෙ පස්සෙන් යනවා තියා, ඒ කෙල්ල ගැන කතා කලේවත් නෑ. ටික දවසකට පස්සෙ තමයි අපිට උනේ මොකද්ද කියලා තේරුම් ගියේ.   "මචන් ඒ කෙල්ලගෙ කටහඬ හරියට පිරිමි මිනිහෙක්ගෙ කටහඬක් වගේ . මට ඇත්තටම කොල්ලෙද්ද කෙල්ලෙක්ද කියාලා ඒ කටහඬින් හිතා ගන්න බැරි උනා". 

අපි කට්ටියටම ඉස්කෝලෙන් අවුට් වෙනකල්ම ඕක මතක් කරලා හිනා වෙන එක අන්තිමට පුරුද්දක් උනා. තාමත් ඉස්කෝලෙ පරන සෙට් එක සෙට් උනාම ඔය කතාව අමතක නොවෙන කතාවක්.

ඒ කාලෙ කෙල්ලෙක් පස්සෙ ගිහිල්ල අපිට වෙච්ච වැඩක්. 1 කොටස

ඒ කාලෙ කියුවෙ ඉතින් මේක අපොස උ/පෙ කරන කාලෙ වෙච්ච දෙයක්. අපි නුගේගොඩ ක්ලාස් යන කාලෙ ඉතින් කොලබ බාලිකා විදුහලක බාලිකාවක් ගැන අපේ සෙට් එකේ එකෙක්ට පොඩ්ඩක් හිත ගිහිල්ල තිබුනා. ඉතින් හැම දාම ක්ලාස් ඉවර උනාම මේකා අර කෙල්ල පස්සෙ යනවා, මේකගෙ පස්සෙ අපි යනවා. එක දවසක් මේ කෙල්ලගෙන අපේ එකා කෙමිස්ට්‍රි පොතක් ඉල්ලන්න කියලා හිතාගෙන බස් එකේදි කතා කරලා. අපිත් ඉතින් බසෙකේ පස්සට වෙලා වැඩේ බලාගෙන ....

ඉතිරිය පසුවට..

ඔන්න මේකනම් බොරුවක් නෙමෙයි

දැන් කට්ටිය බලයි මම මෙච්චර වෙලා කියුවෙ බොරුද කියලා. නෑ නෑ එහෙම නෙමෙයි. අපේ කාර්යාලයේ 50 වැනි අවුරුද්ද ලබන මාසයේ සමරනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මගේ ලොක්කා එහෙම නැත්තන් මේ කොම්පැනියේ අයිතිකාරයා ගැන පොඩ්ඩක් හොයන්න ගත්තා. ඔහු ඉතා දුප්පත්, රැකියාව ලෙස රියදුරු වුර්තියේ නියැලුනු කෙනෙක්. ඔහු එම රැකියාවකරන ගමන්ම සුලු සුලු වාහන රැගෙන ඒවා අලුත් වැඩියා කරලා විකුනලා තියෙනවා. ටික කාලෙකින් මෙය වැඩි දියුනු වෙලා, අලුත් වාහන විකුනන්නෙක් වෙලා තියෙනවා. එහෙත් අද ..... ඔහු මේ රටේ සුප්‍රකට සහ වටිනාම කාර් සහ වාහන ගෙන්න බෙදාහරින ප්‍රමුකතම සමාගම් හිමිකරුවෙක්. හිතලා බලන්න මේ කතාවෙන් ගන්න දෙයක් තියෙනවද කියලා

මේ දවස්වල බලන මම ආසම ටෙලිය

හැම දෙයක්ම එකතු වෙච්ච මිනි බ්ලොග් එකක් වෙන්න ඕනෙ නිසා ඔන්න මම මේ දිනවල බලන ටෙලි නාට්‍යක් ගැන ලියන්න හිතුවා.

මේක ලංකාවෙ නම් එච්චර ජනප්‍රිය නෑ මම හිතන්නෙ. ඒ නිසාමයි මම මේක ගැන ලියන්න හිතුවෙ.
මේකෙ නම "The Pacific" මම "Prison Break" එකෙන් පස්සෙ බලපු ටෙලි වලින් ඉතා තාත්විකම කතාවක් තියන ටෙලිය. මේහි කතාව ගලාගෙන යන්නෙ දෙවන ලෝක යුධ සමයේ ජාපාන හමුදාව සමඟ සටන් වඳින ඇමරිකානු සොල්දාදුවකු ගැනයි. කතාවනම් හරිම ලස්සනයි . මේකෙ තාමත් කොටස් 6ක් විතරයි තිරගත වෙලා තියෙන්නෙ.සෑහෙන තාත්විකයි. ඒ හින්දම මේක ඉතා කෙටි කාලයකින් IMDB rating වලින් 9.0 වගේ අගයක් ගත්තා. http://imdb.com/title/tt0374463/

අල්ලෙ තියාගන්න පුලුවන් හෝම් තියේටර් එකක සද්දෙ තියෙන මගේ ස්පීකරේ

ඇත්තටම අධික කාර්ය බහුලත්වය නිසා මේ මැරතන් එකට කලින් තිලා ලෑස්තිවෙන්න බැරිවෙච්ච එක ගැනනම් හුඟක් දුකයි. එහෙම සූදානමක් උනානම්, ලිපි වලට අදාල රෑප ටිකක් එහෙම හොයාගෙන සෙට් කොරගන්න තිබුනා කලින්.

දැනට මගේ දැනුමෙ සහ අද්දැකීමෙ විදියට ලැප්ටොප් වලට නිපඳවන හොඳම ස්පීකර් එන්නෙ HP වලටයි. ඒ නමින් Altec Lansing . මම බාවිතා කරපු කොම්පැක් එකටත් මේ ක්පීකර්ස් තිබුනා. කොච්චර ලැප් යූස් කරලා තිබුනත් සවුන්ස් වලනම් මේ Altec Lansing කියන ස්පීකර්ස් ව්ලට ගහන්න එකක් තිබුනෙ නෑ. මේ හේතුව නිසාම මේ Altec Lansing ගැන මම පොඩ්ඩක් හොයන්න ගත්තා. මේක ඇමරිකන් බ්‍රෑන‍්ර එකක්. දැනට ලංකාවෙ එතරම් ජනප්‍රිය නොවුනට යුරෝපය තුල මෙම Altec Lansing කියන ස්පීකර් මාර විදියට ප්‍රසිද්දයි.
මම මෙහෙ තියන මේ වගේ සවුන්ස් වලට තියන හොඳම ෂොප් එකට ගිහිල්ලා මේ Altec Lansing ගැන පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. ගනන් නම් ටිකක් වැඩී, ඒත් Altec Lansing නාමය යටතේ තිබිච්ච ඒවා දැකලනම් මම පිස්සු හැදුනා. මම ඉතින් අර ලැප් එක ගන්න ගියා වගේම මේ දැන් ගන්නවා වගේ එතන හිතට අල්ලපු හැම එකක්ම චෙක් කරලාඅ බැලුවා.
අල්ලෙ තියාගන්න පුලුවන් සින්ගල් ස්පීකර් එකක් සද්දෙ තියනවා හෝම් තියේටර් එකක සවුන්ඩ් සිස්ටම් එකකට වැඩිය.  එතන orbit M කියන සපුන්චි ස්පීකරයට මගේ හිත ගියා . ඒ වගේම ඒක ගත්තා. ගෙදර ඇවිල්ල ලැපට දාලා බැලුවා. අදහාගත නොහැකිය. පස්සෙ වෙලාවක පිංතූර ටිකකුත් දාන්නම්.

ඔය තියෙන්න ඒ ස්පීකර් එක. 

මෙන්න මේ ලින්ක් එකින් විස්තර ටිකක් බලන්න.http://www.alteclansing.com/imt237-orbit-ultra-portable-music-speaker+for-phones.html 





 

චුච්චකින් එන්නම්

ඉස්සෙල්ල කියුවනේ මම බාගෙටයි කාලා ආවෙ කියලා. දැන් බඩගිනි. තව පොඩි වැඩකුත් තියෙනවා . මම පටාස් ගාලා එන්නම්, කට්ටිය දොයියන්නෙ එහෙම නෑ ඔන්න.

මම ගන්න හිතාගෙන ඉන්න ලැප් ටොපි එක.

මව ඉතින් ඔය මූණු පොතේ එහෙම කොනෙක්ට් වෙලා ඉන්න අය දන්නවනේ මගේ පරන ලැප්ටොප් එක හාවෙක්ට දන් දුන්න විත්තිය. දැන් මේ දවස්වල අලුත් ලැප්ස් හොය හොය යනවා. ඒකත් හරි ජොලි වැඩේ . කඩවල් වලට ගිහිල්ලා හරියට දැන් ගන්නවා වගේ චෙක් කොරලා ඔක්කොම බලලා, පැයක් විතර ඉන්න සේල්ස් මන්ටත් කට්ටක් දීලා, "වී විල් කම් බැක් ලේටර්" කියලා යනවා හිතා ගන්න පුලුවන් නේද අරෑට එන කේන්තිය. ඔය විදියට දැන් සති දෙකක් තුනක් තිස්සෙ ඉඳලා ලැප් හොයනවා. අන්තිමේටම හැම්බුනා රජ බාන්ඩයක්. ගානනම් ටිකක් සැරයි තමයි ඒත් දැක්කහම නම් ඇඬෙනවා . ඔය තියෙන්නෙ බාන්ඩෙ තමයි. හෙට අනිද්දම ගන්න හිතාගෙනයි ඉන්නෙ. සෝනි මගේ ලයිෆ් එක වෙලා දැන්.

කැඩිච්ච අතින් සිංහල උපසිරසි දැමිල්ල

මූණු පොතේ ඉන්න අය දන්නව ඇතිනෙ මගේ වම් අත දරුනු ලෙස රෝගාබාද උනා කියලා. අත කකුල වගේ වෙලා තිබුනනෙ. හැබැයි කකුලනම් අත වගේ උනේ නෑ. කකුල ඒ විදියටම තිබුනා. ඩොකාලා මගේ වම් ඇඟිල්ල කපල දාන සයිස් එකකුත් තිබුනා. ඔය කාලෙමයි My Name is Khan චිත්‍රප්ටියෙ හොඳ නිහුතුවක් එලියට ආවෙ. මම ඒ වවෙනකොට කැමරා පිටපතට උපසිරසි දාලා ඉවර කරලා තිබුනා. ඒකෙ ලයින් 600ක් වගේ තමයි තිබුනේ. ඒ වැඩි දෙනෙක් ගේ ඉල්ලිම පරිදියි. හැබැයි ලඟදි ආපු හොඳ Dvd Rip කොපියෙ ලයින් 1900ක් තියෙනවා. කිරි අප්පට බල්ලො පැනපි කියලා අත කරේ තියාගෙන ඉතුරු ටිකට සබ් දාන්න පටන් ගත්තා. ඒ වගෙම මම මුල් දිනයේ ලයින් 750ක් නිම කෙරුවා. පසුව ඉතින් උදවුවට රොයිලි, වාසුල වගේ බයිස්කෝප් මිතුරනුත් එක්ක හොඳ උපසිරසියක් හදලා නිමා කෙරුවා. ඒක සඳුදා ඔයාලට බා ගන්න පුලුවන් වෙයි. මේ ගැන විස්තර සහිත ලිපියක් මම පස්සෙ දාන්නම් මගේ ඔරිජිනල් බ්ලොග් එකේ

මගේ ආදර කතාව කෙටියෙන්

ඔබට ඔබගේ ආදර කතාව කෙටියෙන් වාක්‍ය 10කින් කියන්න කියලා කියුවොත් , කොහොමද ලියන්නෙ. මෙන්න මෙහෙමයි මගේ කතාව.
ඇයව මට මුන ගැසුනේ ඔබට කවම දිනකව සිතාගත නොහැකි අයුරිනි, ඒ ගැන සිතන්න යන්න එපා.
එය ඔබට සිතිය නොහැක.
මුලින්ම ඇගේ වචන මා හද සොරා ගතිමි.
එය රෑපය දක්වා වර්දනය විය.
ඒ වචන වල තිබූ ලස්සන ඒ රූපය තුල මා සිතා සිටියටත් වඩා ඔපවත් වී තිබුනි.
පසුව ඒ සුමිහිරි කටහඬ මට ඇසීමට හැකිවිය ඒ ඇයව හදුනාගෙන දින 7කට පසුවය.
ඇය මගේ ජීවිතයට නව බලාපොරොතු රැසක් ඇති කලේය.
දින දින මා ඒ බලා පොරොත්තු තුල ජීවත් වෙමි.
ඇය මා ජීවිතයට ඇතුලුවූ පසු ආදරය මේ තරම් බොලඳ සුන්දර විදිය හැකි දෙයක්ද කියා සිතුනි.
සදා ඇය මගේය.


ෂුවර් එකටම මේ බ්ලොග් එක එයා බැලුවොත් මට ......................

දැන් ගනන් කරලා බලන්න වාක්‍ය කීයද කියලා

මගේ අලුත් ගෙදර.

කට්ටිය දැක්කනෙ, මම අලුත් ගේ පොඩ්ඩකට මාරු උනා කියලා . මේක ඉතින් තෑග්ගකට හම්බුනු එකක්. මගේ බ්ලොගර් ඩොමේන් එක. කස්ටම් ඩොමේන් එකකට මරු කෙරුවා. www.udara.info කියලා. ඊමේල් එකකුත් හම්බුනා subs@udara.info ඉතින් අලුතෙන් මගේ බ්ලොග් කියවන අය මේ නව ලිපිනය හරහා සම්බන්ද වෙන්න.

නාලා කාලා බීලා ආවා !

බාගෙට නාලා, බාගෙට කාලා, බාගෙට බීලා, බගෙට ඇඳගෙන ඔන්න මමත් වැඩේට ආවා. හිතුවට වැඩිය වැඩේ ජයටම යනවා. අලුත් මූණුත් ගොඩක් ඉන්නව වගේ. මමනම් රෑ වෙනකල්ම දුවන්න තමයි ට්‍රයි එක. කට්ටියම අපිත් එක්ක ඉන. රස කතා නම් ගොඩක් තියෙනවා කියන්න. එලි වෙන ජාමෙට හොඳ හොඳ ඒව කියන්නම්කෝ

දවසේ රස කතාව

නාන්න යන්න ඉස්සෙල්ල පොස්ට් එකක් දාලා යන්න හිතුවා. මෙන්න මේකයි කතාව අපි වැඩකරන තැන ලෝකයේ නානාප්‍රකාර ජාතික මිනිස්සු නානාප්‍රකාර රටවල් වලින් ඇවිල්ලා වැඩ කරනවා. ඔවුන්ගෙ ඉන්ග්‍රීසි භාෂා හඬ විලාසය ටිකක් අමුතුයිනෙ. ඒ අතර යුරෝපීය අය චීන අය, අරාබි, ආසියාතික අය ඉන්නවා. ඔන්න අද China වල ඉඳලා අපේ සප්ලයර් කෙනෙක් මෙහෙට ආවා. ඇවිල්ලා මාත් එක්කත් පොඩි චැට් එකක් දැම්මා. මිනිහා මගෙන් අහනවා මෙන්න මෙහෙම, "වච කොල්ට් යුරීන්" කියලා.මාව රත් උනා. හිතුවෙම මට චූ ගිහිල්ලා කියලා.බැලින්නම් මේක අහලා තියෙන්නෙ what country you are කියලා. මම මේ හිනා යන්න කියුවෙ මම මහා ලොකු ඉන්ග්‍රිරීසි පන්ඩිතයෙක් කියන්න නෙමෙයි. නමුත් ලංකිකයන් විදියට අපි ඉන්ග්‍රීසි භාෂාව තුල අපි හුඟක් ඉදිරියෙන් ඉන්නවා.

නාලා එන්නම් ඉතුරු කතා ටික කියන්න

එලිවෙන ජාමෙටනෙ හොඳ හොඳ සෙල්ලන්

එලිවෙන ජාමෙටනෙ හොඳ හොඳ සෙල්ලන් ඒ නිසා ඔන්න මම ටිකක් රෑ වෙලා එන්නම්, රෑ කියුවෙ 10 ට විතර, මොකද මෙහෙ අපිට අදත් වැඩනෙ. ලංකාවෙ 8 කියන්නෙ මෙහෙ 5.30 ටනෙ. දැනට එහෙනම් කට්ටිය වැඩේ කරගෙන යන්න. වතු ර ගහන අයත් දැන් වැඩේට පටන් ගන්න. කට්ටියටම ජය වේවා. එහෙනම් කාලා නාලා බීලා 10ට් හමු වෙමු.

මැරතන් දුවන්න කට්ටිය ලෑස්තිද?

අනේ මන්දා මේ මැරතන් දිවිල්ල කොහෙන්නම් කෙරවල වෙයිද් කියාල. එක්කෝ ඔෆිස් එකෙන් දොට්ට, එහෙම නැත්තන් පඩි රහිත නිවාඩු. හික්ස්. ජොබ් එක යකාට ගියාවෙ කියලා ඔන්න මමත් මගේ මුල්ම පෝස්ට් එක මැරතන් බ්ලොගයෙ දා ගත්තා. හැබැයි ඉතින් මැරතන් දුවන්න එන්න වෙන්නෙනම් රෑ 10 න් පස්සෙ.