4/24/2010

ඒ කාලෙ කෙල්ලෙක් පස්සෙ ගිහිල්ල අපිට වෙච්ච වැඩක්. 2 කොටස

ඉතින් මිනිහා ටිකක් ලැජ්ජාකාරයා නිසා ලඟට්ටම ගිහිල්ල සීට් එකේ ඉඳගෙන ඉන්න අර කෙල්ලගෙන් " මේ ඔයාගෙ අද ක්ලාස් එකේ පොත දෙනවද , අපි අද ක්ලාස් එන්න පොඩ්ඩක් පරක්කු උනා " කියලා කියුවා. ඔන්න මේ මනුස්සයා පොතත් නැතුව අපි ලඟට ආවා. හැබැයි බස් එකෙන් බහිනකල්ම මිනිහා නෝ-කතා, නෝ-සිනා, අපිත් ඉතින් අහන්න ගියෙ නෑ. එදායින් පස්සෙ මූ ඒ කෙල්ලගෙ පස්සෙන් යනවා තියා, ඒ කෙල්ල ගැන කතා කලේවත් නෑ. ටික දවසකට පස්සෙ තමයි අපිට උනේ මොකද්ද කියලා තේරුම් ගියේ.   "මචන් ඒ කෙල්ලගෙ කටහඬ හරියට පිරිමි මිනිහෙක්ගෙ කටහඬක් වගේ . මට ඇත්තටම කොල්ලෙද්ද කෙල්ලෙක්ද කියාලා ඒ කටහඬින් හිතා ගන්න බැරි උනා". 

අපි කට්ටියටම ඉස්කෝලෙන් අවුට් වෙනකල්ම ඕක මතක් කරලා හිනා වෙන එක අන්තිමට පුරුද්දක් උනා. තාමත් ඉස්කෝලෙ පරන සෙට් එක සෙට් උනාම ඔය කතාව අමතක නොවෙන කතාවක්.

7 comments:

  1. @ ක්‍රිෂාන් රංදික ජයකොඩි ; ඒක කියන එක හොඳද මන්දා, එක්කො කමක් නෑ.
    වි.බා.වි K

    ReplyDelete
  2. හොඳ වෙලාවට.. නැත්තන් රටත් දාලා යන්න වෙන්නෙ..

    ReplyDelete
  3. @ මිස්සක ; @සකල බුජං ; ඉස්කෝලෙ යන කාලෙනෙ බන්. ජොලියට කරන ඒවා තමයි

    ReplyDelete
  4. පව්..
    :D
    දැන් අමාරුම හරිය.. ඔහොම යං..!

    ReplyDelete
  5. ane oyage priyathama balika vidyalaya

    ReplyDelete