4/24/2010

අල්ලෙ තියාගන්න පුලුවන් හෝම් තියේටර් එකක සද්දෙ තියෙන මගේ ස්පීකරේ

ඇත්තටම අධික කාර්ය බහුලත්වය නිසා මේ මැරතන් එකට කලින් තිලා ලෑස්තිවෙන්න බැරිවෙච්ච එක ගැනනම් හුඟක් දුකයි. එහෙම සූදානමක් උනානම්, ලිපි වලට අදාල රෑප ටිකක් එහෙම හොයාගෙන සෙට් කොරගන්න තිබුනා කලින්.

දැනට මගේ දැනුමෙ සහ අද්දැකීමෙ විදියට ලැප්ටොප් වලට නිපඳවන හොඳම ස්පීකර් එන්නෙ HP වලටයි. ඒ නමින් Altec Lansing . මම බාවිතා කරපු කොම්පැක් එකටත් මේ ක්පීකර්ස් තිබුනා. කොච්චර ලැප් යූස් කරලා තිබුනත් සවුන්ස් වලනම් මේ Altec Lansing කියන ස්පීකර්ස් ව්ලට ගහන්න එකක් තිබුනෙ නෑ. මේ හේතුව නිසාම මේ Altec Lansing ගැන මම පොඩ්ඩක් හොයන්න ගත්තා. මේක ඇමරිකන් බ්‍රෑන‍්ර එකක්. දැනට ලංකාවෙ එතරම් ජනප්‍රිය නොවුනට යුරෝපය තුල මෙම Altec Lansing කියන ස්පීකර් මාර විදියට ප්‍රසිද්දයි.
මම මෙහෙ තියන මේ වගේ සවුන්ස් වලට තියන හොඳම ෂොප් එකට ගිහිල්ලා මේ Altec Lansing ගැන පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. ගනන් නම් ටිකක් වැඩී, ඒත් Altec Lansing නාමය යටතේ තිබිච්ච ඒවා දැකලනම් මම පිස්සු හැදුනා. මම ඉතින් අර ලැප් එක ගන්න ගියා වගේම මේ දැන් ගන්නවා වගේ එතන හිතට අල්ලපු හැම එකක්ම චෙක් කරලාඅ බැලුවා.
අල්ලෙ තියාගන්න පුලුවන් සින්ගල් ස්පීකර් එකක් සද්දෙ තියනවා හෝම් තියේටර් එකක සවුන්ඩ් සිස්ටම් එකකට වැඩිය.  එතන orbit M කියන සපුන්චි ස්පීකරයට මගේ හිත ගියා . ඒ වගේම ඒක ගත්තා. ගෙදර ඇවිල්ල ලැපට දාලා බැලුවා. අදහාගත නොහැකිය. පස්සෙ වෙලාවක පිංතූර ටිකකුත් දාන්නම්.

ඔය තියෙන්න ඒ ස්පීකර් එක. 

මෙන්න මේ ලින්ක් එකින් විස්තර ටිකක් බලන්න.http://www.alteclansing.com/imt237-orbit-ultra-portable-music-speaker+for-phones.html 





 

9 comments:

  1. පොස්ට් එක දිග වැඩි උනාද මන්දා

    ReplyDelete
  2. සල්ලි නැතො.. රොකිය ගාව කියක් තියනවද මෙක ගන්න...

    ReplyDelete
  3. අපොයි ඔවු සෑහෙන්න වෙලාවකින් සෑහෙන්න දිග post එකක්. කොටස් 2කට දැම්ම නම් ඉවරනෙ...

    ReplyDelete
  4. මේක කීයක් විතර වෙනවද?

    ReplyDelete
  5. කොටස් දෙක තුනකට ලියමු මචං.
    අලුත් ගැජට්ස් ගැන එහෙමත් ලියමු

    ReplyDelete
  6. පිස්සු හැදෙයි, මටත් ආසයි ගන්න, නමුත් මේ දවස් වල හිඳිල ඉන්නෙ. :(

    ReplyDelete
  7. කමෙන්ට් කරපු ඔක්කොටම ස්තූතියි. සමාවෙන්න පෝස්ට් එක දිග උනාට . මේක එච්චරම ලොකු ගානක් උනේ නෑ. ලංකාවෙ මුදලින් 4,500/- වගේ තමයි උනේ

    ReplyDelete
  8. කොටස් දෙක තුනකට ලියමු..

    ReplyDelete
  9. @ Ansh Lucky Sri Jay ; තරහා අවසර ඕන්

    ReplyDelete